منتدى قصة الإسلام

منتدى قصة الإسلام (http://forum.islamstory.com//index.php)
-   AUdio and Video (http://forum.islamstory.com//forumdisplay.php?f=111)
-   -   سورة الحج - සූරා අල් හජ් (http://forum.islamstory.com//showthread.php?t=131081)

نبيل القيسي 18-05-2021 03:56 PM

سورة الحج - සූරා අල් හජ්
 
سورة الحج - සූරා අල් හජ්
آية: 1
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡۚ إِنَّ زَلۡزَلَةَ ٱلسَّاعَةِ شَيۡءٌ عَظِيمٞ
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අවසන් හෝරාවේ කම්පනය අතිමහත් කරුණකි.

التفاسير العربية:
آية: 2
يَوۡمَ تَرَوۡنَهَا تَذۡهَلُ كُلُّ مُرۡضِعَةٍ عَمَّآ أَرۡضَعَتۡ وَتَضَعُ كُلُّ ذَاتِ حَمۡلٍ حَمۡلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٞ
නුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක්ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත් බවින් සිටිනු දකියි. නමුත් ඔවුන් මත් බවින් නොවෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩිය.

التفاسير العربية:
آية: 3
وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّبِعُ كُلَّ شَيۡطَٰنٖ مَّرِيدٖ
තවද කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් සම්බන්ධයෙන් තර්ක කරන්නාද ජනයා අතුරින් වෙති. අකීකරු සෑම ෂෙයිතානුවෙක්ම ඔහු අනුගමනය කරයි.

التفاسير العربية:
آية: 4
كُتِبَ عَلَيۡهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهۡدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ
තමන් භාරකරුවකු වශෙයන් ගත් අය, නියත වශයෙන්ම ඔහු තමාව නොමඟ යවනු ඇත. තවද ඇවිළෙන නිරා ගින්නේ දඬුවමට ඔහු මග පෙන්වනු ඇතැයි ඔහු කෙරෙහි නියම කරන ලදී.

التفاسير العربية:
آية: 5
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي رَيۡبٖ مِّنَ ٱلۡبَعۡثِ فَإِنَّا خَلَقۡنَٰكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ مِن مُّضۡغَةٖ مُّخَلَّقَةٖ وَغَيۡرِ مُخَلَّقَةٖ لِّنُبَيِّنَ لَكُمۡۚ وَنُقِرُّ فِي ٱلۡأَرۡحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ نُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡلَا يَعۡلَمَ مِنۢ بَعۡدِ عِلۡمٖ شَيۡـٔٗاۚ وَتَرَى ٱلۡأَرۡضَ هَامِدَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡ وَأَنۢبَتَتۡ مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ
අහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන්ම අපි නුඹලා ව පසින්ද, පසු ව ශුක්‍රාණුවෙන්ද, පසු ව ලේ කැටියෙන් ද, පසු ව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසු ව අපි බිළිදෙකු ලෙසින් නුඹලා ව බැහැර කරන්නෙමු. පසු ව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන්ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළි ව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින්ම පැළෑටි හට ගනියි.

التفاسير العربية:
آية: 6
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّهُۥ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු සත්‍යය බැවිනි. තවද නියත වශයෙන්ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

التفاسير العربية:
آية: 7
وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبۡعَثُ مَن فِي ٱلۡقُبُورِ
තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන්ම මිනිවළවල් තුළ සිටින්නන්ව අල්ලාහ් නැගිටුවයි.

التفاسير العربية:
آية: 8
وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَلَا هُدٗى وَلَا كِتَٰبٖ مُّنِيرٖ
කිසිදු දැනුමකින් තොර ව එමෙන්ම කිසිදු මග පෙන්වීමකින් තොර ව හා ආලෝකමත් දේව ග්‍රන්ථයකින් තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නන් ජනයා අතර සිටිති.

التفاسير العربية:
آية: 9
ثَانِيَ عِطۡفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِۖ لَهُۥ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَنُذِيقُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَذَابَ ٱلۡحَرِيقِ
(ඔහු) අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යැවීමට තම ගෙල පැත්ත වෙනතකට හරවමින් සිටියි. ඔහුට මෙලොවෙහි අවමානය ඇත. තවද අපි ඔහුට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැවෙන (ගින්නේ) දඬුවම භුක්ති විඳින්නට සලස්වන්නෙමු.

التفاسير العربية:
آية: 10
ذَٰلِكَ بِمَا قَدَّمَتۡ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ
එය නුඹගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ.

التفاسير العربية:
آية: 11
وَمِنَ ٱلنَّاسِ مَن يَعۡبُدُ ٱللَّهَ عَلَىٰ حَرۡفٖۖ فَإِنۡ أَصَابَهُۥ خَيۡرٌ ٱطۡمَأَنَّ بِهِۦۖ وَإِنۡ أَصَابَتۡهُ فِتۡنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجۡهِهِۦ خَسِرَ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةَۚ ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ
තවද ජනයා අතුරින් සැකය මත සිට අල්ලාහ්ට ගැතිකම් කරන්නාද වෙයි. යම් යහපතක් ඔහුට ඇති වූයේ නම් එමගින් ඔහු සැනසුමට පත් වෙයි. නමුත් ඔහුට යම් අර්බුදයක් ඇති වූයේ නම් ඔහුගේ මුහුණ මත හැරී යයි. මෙලොවෙහි හා මතු ලොවෙහි ඔහු පරාජිත විය. ප්‍රකට ඉමහත් පරාජය එයමය.

التفاسير العربية:
آية: 12
يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ
ඔහු අල්ලාහ් හැර තමන්ට හානියක් සිදු කළ නොහැකි එමෙන්ම තමන්ට ඵලක් නොදෙන දෑට අයැද සිටියි. එයමය අන්ත මුළාව වනුයේ.

التفاسير العربية:
آية: 13
يَدۡعُواْ لَمَن ضَرُّهُۥٓ أَقۡرَبُ مِن نَّفۡعِهِۦۚ لَبِئۡسَ ٱلۡمَوۡلَىٰ وَلَبِئۡسَ ٱلۡعَشِيرُ
ඔහුගේ ප්‍රයෝජනයට වඩා ඔහුගේ හානිය සමීප ව ඇත්තාගෙන් ඔහු අයැද සිටියි. (එසේ ඔහු පතන) එම භාරකරු නපුරු විය. තවද එම සහකරු නපුරු විය.

التفاسير العربية:
آية: 14
إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ
නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාස කොට යහකම් කළවුන් ඊට යටින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වෙත ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් තමන් සිතන දෑ සිදු කරයි.

التفاسير العربية:
آية: 15
مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ فَلۡيَمۡدُدۡ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لۡيَقۡطَعۡ فَلۡيَنظُرۡ هَلۡ يُذۡهِبَنَّ كَيۡدُهُۥ مَا يَغِيظُ
මෙලොව හා මතු ලොව අල්ලාහ් ඔහුට (මුහම්මද්ට) උදව් නොකරන්නේම යැයි කවරෙකු සිතන්නේ ද, ඔහු අහස දෙසට ආධාරයක් දිගු කොට (පසුව අල්ලාහ් ඔහුට දෙන උදව් උපකාර) කපාහරිත්වා! එවිට ඔහුගේ කුමන්ත්‍රණය ඔහු කෝපය ඇති කරන දෑ ඉවත් කරනු ඇත්දැයි ඔහු බලත්වා !

التفاسير العربية:
آية: 16
وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ ءَايَٰتِۭ بَيِّنَٰتٖ وَأَنَّ ٱللَّهَ يَهۡدِي مَن يُرِيدُ
එලෙස අපි මෙය පැහැදිලි සංඥාවන් වශයෙන් පහළ කළෙමු. තවද නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි.

التفاسير العربية:
آية: 17
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّـٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلۡمَجُوسَ وَٱلَّذِينَ أَشۡرَكُوٓاْ إِنَّ ٱللَّهَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
නියත වශයෙන්ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන්වරු (සමහර නබිවරුව අනුගමනය කළ සමූහයක්) ද කිතුනුවන් ද ගිනි පුදන්නන් ද ආදේශ කළවුන් ද නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් අතර වෙන් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂකය.

التفاسير العربية:
آية: 18
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَسۡجُدُۤ لَهُۥۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُ وَٱلنُّجُومُ وَٱلۡجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٞ مِّنَ ٱلنَّاسِۖ وَكَثِيرٌ حَقَّ عَلَيۡهِ ٱلۡعَذَابُۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكۡرِمٍۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يَشَآءُ۩
අහස්හි සිටින අය ද මහපොළොවේ සිටින අය ද හිරු ද සඳු ද තාරකා ද කඳු ද ගස් ද සතුන් ද ජනයා අතුරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන්ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නොදුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි.

التفاسير العربية:
آية: 19
۞هَٰذَانِ خَصۡمَانِ ٱخۡتَصَمُواْ فِي رَبِّهِمۡۖ فَٱلَّذِينَ كَفَرُواْ قُطِّعَتۡ لَهُمۡ ثِيَابٞ مِّن نَّارٖ يُصَبُّ مِن فَوۡقِ رُءُوسِهِمُ ٱلۡحَمِيمُ
මෙම විවාදිත දෙපිරිස තම පරාමාධිපති සම්බන්ධයෙන් විවාද කළෝය. එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන් හට (නිරා) ගින්නෙන් වූ ඇඟලුම් වෙන් කරන ලදී. ඔවුන්ගේ හිස් වලට ඉහළින් උණු දිය වක් කරනු ලැබේ.

التفاسير العربية:
آية: 20
يُصۡهَرُ بِهِۦ مَا فِي بُطُونِهِمۡ وَٱلۡجُلُودُ
ඔවුන්ගේ උදරයන්හි ඇති දෑ හා චර්ම එමගින් දිය කරනු ලැබේ.

التفاسير العربية:
آية: 21
وَلَهُم مَّقَٰمِعُ مِنۡ حَدِيدٖ
තවද ඔවුනට යකඩින් වූ මුගුරු ඇත.

التفاسير العربية:
آية: 22
كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَا مِنۡ غَمٍّ أُعِيدُواْ فِيهَا وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ
දුකින් වූ එතැනින් ඔවුන් පිටත් වීමට සිතූ සෑම අවස්ථාවකම ඔවුහු නැවත යොමු කරනු ලබති. තවද නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසනු ලැබේ.)

التفاسير العربية:
آية: 23
إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ
ඊට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට, විශ්වාස කොට යහකම් කළවුන් නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. එහි රනින් වූ වළලු ද මුතු ද ඔවුනට පලඳවනු ලැබේ. එහි ඔවුන්ගේ ඇඟලුම් සේදය.

التفاسير العربية:
آية: 24
وَهُدُوٓاْ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلۡقَوۡلِ وَهُدُوٓاْ إِلَىٰ صِرَٰطِ ٱلۡحَمِيدِ
තවද ප්‍රකාශයෙන් පිවිතුරු දෑ වෙතට ඔවුහු මග පෙන්වනු ලැබූහ. තවද ප්‍රශංසනීය මාවත වෙත ද ඔවුහු මග පෙන්වනු ලැබූහ.

التفاسير العربية:
آية: 25
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ ٱلَّذِي جَعَلۡنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلۡعَٰكِفُ فِيهِ وَٱلۡبَادِۚ وَمَن يُرِدۡ فِيهِ بِإِلۡحَادِۭ بِظُلۡمٖ نُّذِقۡهُ مِنۡ عَذَابٍ أَلِيمٖ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට ජනයා වෙනුවෙන් එහි රැඳී සිටින්නන්හට හා පිටස්තරයන්හට සමාන ලෙසින් අපි පත් කළ ශුද්ධ වූ මස්ජිදයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නන් ද (එම දඬුවමට භාජනය වනු ඇත.) තවද කවරෙකු සාපරාධී ලෙසින් එහි කෙලසීමට සිතන්නේ ද වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි ඔහුට සලස්වමු.

التفاسير العربية:
آية: 26
وَإِذۡ بَوَّأۡنَا لِإِبۡرَٰهِيمَ مَكَانَ ٱلۡبَيۡتِ أَن لَّا تُشۡرِكۡ بِي شَيۡـٔٗا وَطَهِّرۡ بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ
(කඃබා ව නම්) ගෘහයේ ස්ථානය ගැන ඉබ්‍රාහීම්ට අපි පැහැදිලි කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට මට කිසිවක් ආදේශ නොකරනු. තවද නුඹ (කඃබා ව වටා) තවාෆ් කරන්නන්හටත් නැගිට නැමදුම් ඉටු කරන්නන් හටත් (කොන්ද නමා දණහිස් අල්ලා) රුකූඃ කරන්නන් හටත් (නළල බිම තබා) සුජූද් කරන්නන්හටත් මාගේ ගෘහය පිරිසිදු කරනු. (යැයි පැවසීය.)

التفاسير العربية:
آية: 27
وَأَذِّن فِي ٱلنَّاسِ بِٱلۡحَجِّ يَأۡتُوكَ رِجَالٗا وَعَلَىٰ كُلِّ ضَامِرٖ يَأۡتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٖ
තවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි.

التفاسير العربية:
آية: 28
لِّيَشۡهَدُواْ مَنَٰفِعَ لَهُمۡ وَيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ فِيٓ أَيَّامٖ مَّعۡلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۖ فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡبَآئِسَ ٱلۡفَقِيرَ
ඔවුන් සතු ප්‍රයෝජන ඔවුන් දකිනු පිණිසත් නියමිත දින ගණන් වල ගොවිපළ සතුන් අතුරින් ඔහු ඔවුනට පෝෂණය කළ දෑ කෙරෙහි (ඒවා කපන විට) අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිසත්ය. එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද අවශ්‍යතා ඇත්තා හා දිළින්දාට ආහාර සපයනු.

التفاسير العربية:
آية: 29
ثُمَّ لۡيَقۡضُواْ تَفَثَهُمۡ وَلۡيُوفُواْ نُذُورَهُمۡ وَلۡيَطَّوَّفُواْ بِٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ
පසු ව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුහු සක්මන් කරත්වා!

التفاسير العربية:
آية: 30
ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيۡرٞ لَّهُۥ عِندَ رَبِّهِۦۗ وَأُحِلَّتۡ لَكُمُ ٱلۡأَنۡعَٰمُ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡۖ فَٱجۡتَنِبُواْ ٱلرِّجۡسَ مِنَ ٱلۡأَوۡثَٰنِ وَٱجۡتَنِبُواْ قَوۡلَ ٱلزُّورِ
(කඃබාව ඉදි කිරීමේ අරමුණ) එය වේ. තවද කවරෙකු අල්ලාහ්ගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපතක් වේ. තවද නුඹලා වෙත පාරායනය කර පෙන්වනු ලබන දෑ හැර ගොවිපළ සතුන් නුඹලාට අනුමත කරන ලදී. තවද පිළිමවල කිලිටෙන් නුඹලා වළකිනු. තවද නුඹලා නොහොඹිනා කතාවෙන් වළකිනු.

التفاسير العربية:
آية: 31
حُنَفَآءَ لِلَّهِ غَيۡرَ مُشۡرِكِينَ بِهِۦۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخۡطَفُهُ ٱلطَّيۡرُ أَوۡ تَهۡوِي بِهِ ٱلرِّيحُ فِي مَكَانٖ سَحِيقٖ
ඔහුට ආදේශ නොතබන්නන් ලෙසින් හා අල්ලාහ්ට අවංකයින් ලෙසිනි. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේද ඔහු අහසින් වැටෙන්නෙකු මෙනි. එවිට පක්ෂීන් ඔහු ඩැහැ ගෙන හෝ සුළඟ ඔහු දූර තැනකට රැගෙන යන්නාක් මෙනි.

التفاسير العربية:
آية: 32
ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ شَعَـٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقۡوَى ٱلۡقُلُوبِ
(සත්‍යය) එයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංඥා ගරු කරන්නේ ද නියත වශයෙන්ම එය හදවත් තුළ ඇති බිය බැතිමත්කම හේතුවෙනි.

التفاسير العربية:
آية: 33
لَكُمۡ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ
නුඹලාට එහි නියමිත කාලයක් දක්වා ප්‍රයෝජන ඇත. පසු ව එය ඉපැරණි ගෘහය වෙත රැඳෙන්නක් වේ.

التفاسير العربية:
آية: 34
وَلِكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكٗا لِّيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۗ فَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَلَهُۥٓ أَسۡلِمُواْۗ وَبَشِّرِ ٱلۡمُخۡبِتِينَ
තවද සෑම සමූහයක් සඳහාම ගොවිපළ සතුන් අතුරින් ඔවුනට ඔහු පෝෂණය කළ දෑ මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳුන්ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් පහත්වූවනට (නබිවරය) නුඹ ශුභාරංචි දන්වනු.

التفاسير العربية:
آية: 35
ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ وَٱلصَّـٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمۡ وَٱلۡمُقِيمِي ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ
ඔවුහු වනාහි අල්ලාහ් මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැති ගනියි. තවද ඔවුනට ඇති වන දෑ මත ඉවසිලිවන්තයින් වෙති. සලාතය විධිමත් ව ඉටු කරන්නන් වෙති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.

التفاسير العربية:
آية: 36
وَٱلۡبُدۡنَ جَعَلۡنَٰهَا لَكُم مِّن شَعَـٰٓئِرِ ٱللَّهِ لَكُمۡ فِيهَا خَيۡرٞۖ فَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا صَوَآفَّۖ فَإِذَا وَجَبَتۡ جُنُوبُهَا فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡقَانِعَ وَٱلۡمُعۡتَرَّۚ كَذَٰلِكَ سَخَّرۡنَٰهَا لَكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
තවද ඔටුවන්, අපි එය නුඹලාට අල්ලාහ්ගේ සංඥා අතුරින් පත් කළෙමු. නුඹලාට එහි යහපතක් ඇත. එහෙයින් නුඹලා උන් පෙළගස්වා උන් මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු. උන්ගේ ඇලපත් වැටෙන්නට නියම වූ විට නුඹලා ඉන් අනුභව කරනු. තවද මුදිත වූ අයට හා ඉල්ලා සිටින්නාට ආහාර සපයනු. එලෙස නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු.

التفاسير العربية:
آية: 37
لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقۡوَىٰ مِنكُمۡۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمۡ لِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡۗ وَبَشِّرِ ٱلۡمُحۡسِنِينَ
උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නොලැබෙන්නේමය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා අතුරින් වූ බිය බැතිමත්කමයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ් ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු පිණිස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු.

التفاسير العربية:
آية: 38
۞إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓاْۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٖ كَفُورٍ
විශ්වාස කළවුන් (ඔවුනට අත් වන හානියෙන්) නියත වශයෙන්ම අල්ලාහ් වළක්වාලයි. නියත වශයෙන්ම අල්ලාහ් ගුණමකු වූ සෑම ද්‍රොහියෙකුවම ප්‍රිය නොකරයි.

التفاسير العربية:
آية: 39
أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمۡ ظُلِمُواْۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصۡرِهِمۡ لَقَدِيرٌ
සටන් කරන්නන්හට අනුමැතිය දෙන ලදී. හේතුව නියත වශයෙන්ම ඔවුන් අපරාධයට භාජනය කරනු ලැබූ හෙයිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට උදව් කිරීමට ශක්තිවන්තය.

التفاسير العربية:
آية: 40
ٱلَّذِينَ أُخۡرِجُواْ مِن دِيَٰرِهِم بِغَيۡرِ حَقٍّ إِلَّآ أَن يَقُولُواْ رَبُّنَا ٱللَّهُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّهُدِّمَتۡ صَوَٰمِعُ وَبِيَعٞ وَصَلَوَٰتٞ وَمَسَٰجِدُ يُذۡكَرُ فِيهَا ٱسۡمُ ٱللَّهِ كَثِيرٗاۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
ඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ් වේ යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු යුක්තියකින් තොර ව ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන් බැහැර කරනු ලැබූවන් වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකු ව අල්ලාහ් නොවැළැක්වූයේ නම් ආශ්‍රම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධික ව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අතිබලවත්ය, සර්ව බලධාරීය.

التفاسير العربية:
آية: 41
ٱلَّذِينَ إِن مَّكَّنَّـٰهُمۡ فِي ٱلۡأَرۡضِ أَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ وَأَمَرُواْ بِٱلۡمَعۡرُوفِ وَنَهَوۡاْ عَنِ ٱلۡمُنكَرِۗ وَلِلَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ
ඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට බලය ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. සියලු කරුණු වල අවසානය අල්ලාහ් සතුය.

التفاسير العربية:
آية: 42
وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَثَمُودُ
තවද ඔවුහු නුඹ ව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයාද ආද් ජනයාද සමූද් ජනයාද සැබැවින්ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝය.

التفاسير العربية:
آية: 43
وَقَوۡمُ إِبۡرَٰهِيمَ وَقَوۡمُ لُوطٖ
තවද ඉබ්‍රාහීම්ගේ ජනයා ද ලූත්ගේ ජනයා ද,

التفاسير العربية:
آية: 44
وَأَصۡحَٰبُ مَدۡيَنَۖ وَكُذِّبَ مُوسَىٰۖ فَأَمۡلَيۡتُ لِلۡكَٰفِرِينَ ثُمَّ أَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ نَكِيرِ
තවද මද්යන් වාසීහු ද (බොරු කළෝය) තවද මූසාද බොරු කරනු ලැබීය. එවිට දේව ප්‍රතික්ෂේපකයින්හට මම අවකාශය දුනිමි. පසු ව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?

التفاسير العربية:
آية: 45
فَكَأَيِّن مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا وَهِيَ ظَالِمَةٞ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئۡرٖ مُّعَطَّلَةٖ وَقَصۡرٖ مَّشِيدٍ
කොපමණ ගම්මානයන් වී ද? එය අපරාධකරමින් සිටිය දී අපි විනාශ කළෙමු. ඒවා උඩු වියන් සමඟ ගරා වැටී ඇත . තවද කොපමණ හැර දමන ලද ළිං හා පාළු වී ගිය මන්දිර වී ද.

التفاسير العربية:
آية: 46
أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَتَكُونَ لَهُمۡ قُلُوبٞ يَعۡقِلُونَ بِهَآ أَوۡ ءَاذَانٞ يَسۡمَعُونَ بِهَاۖ فَإِنَّهَا لَا تَعۡمَى ٱلۡأَبۡصَٰرُ وَلَٰكِن تَعۡمَى ٱلۡقُلُوبُ ٱلَّتِي فِي ٱلصُّدُورِ
ඔවුහු මහපොළොවේ ගමන් කළ යුතු නොවේ ද? එවිට එමගින් වටහා ගත හැකි අයුරින් සිත් හා එමගින් සවන් දිය හැකි අයුරින් කන්ද ඔවුනට පිහිටනු ඇත. නිසැකවම එහි ඇස් අන්ධ නොවෙයි. නමුත් හදවත් තුළ ඇති සිත් අන්ධ වෙයි.

التفاسير العربية:
آية: 47
وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَن يُخۡلِفَ ٱللَّهُ وَعۡدَهُۥۚ وَإِنَّ يَوۡمًا عِندَ رَبِّكَ كَأَلۡفِ سَنَةٖ مِّمَّا تَعُدُّونَ
තවද ඔවුහු එම දඬුවම ඉක්මන් කරන මෙන් ඔබගෙන් පතති. අල්ලාහ් ඔහුගේ පොරොන්දුව කඩ නොකරන්නේමය. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස එක් දිනයක්, නුඹලා ගණනය කරන අවුරුදු දාහකට සමානය.

التفاسير العربية:
آية: 48
وَكَأَيِّن مِّن قَرۡيَةٍ أَمۡلَيۡتُ لَهَا وَهِيَ ظَالِمَةٞ ثُمَّ أَخَذۡتُهَا وَإِلَيَّ ٱلۡمَصِيرُ
කෙතරම් ගම්මානයන් වීද? එය අපරාධකරමින් සිටිය දී එයට මම කල් දුනිමි. පසු ව මම එය ග්‍රහණය කළෙමි. තවද නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය.

التفاسير العربية:
آية: 49
قُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمۡ نَذِيرٞ مُّبِينٞ
අහෝ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු පමණය යැයි (නබිවරය) නුඹ පවසනු.

التفاسير العربية:
آية: 50
فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ
එහෙයින් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.

التفاسير العربية:
آية: 51
وَٱلَّذِينَ سَعَوۡاْ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ
තවද අපගේ වදන් නිෂ්ඵල කරන්නට උත්සාහ දැරූවන් වන ඔවුහුමය නිරයේ සගයෝ.

التفاسير العربية:
آية: 52
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٖ وَلَا نَبِيٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلۡقَى ٱلشَّيۡطَٰنُ فِيٓ أُمۡنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ ثُمَّ يُحۡكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
තමන් පාරායනය කරන විට ෂෙයිතාන් ඔහුගේ මනෝ ආශාවන්හි (වැරදි) හෙළමින් මිස අපි කිසිදු රසූල්වරයකු හෝ නබිවරයකු හෝ නොඑව්වෙමු. එවිට ෂෙයිතාන් හෙළන දෑ අල්ලාහ් නිෂ්ප්‍රභ කරයි. පසු ව අල්ලාහ් ඔහුගේ වදන් තීන්දු කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය මහා ප්‍රඥාවන්තය.

التفاسير العربية:
آية: 53
لِّيَجۡعَلَ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ فِتۡنَةٗ لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡقَاسِيَةِ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَفِي شِقَاقِۭ بَعِيدٖ
තම හදවත් තුළ රෝගී බව ඇති අයට හා තම හදවත් දැඩිවූවන්හට ෂෙයිතාන් හෙළන දෑ පරීක්ෂණයක් බවට ඔහු පත් කරනු පිණිසය. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් අන්ත බෙදීම් තුළ වෙති.

التفاسير العربية:
آية: 54
وَلِيَعۡلَمَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَيُؤۡمِنُواْ بِهِۦ فَتُخۡبِتَ لَهُۥ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
තවද සැබැවින්ම මෙය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය බව ඥානය දෙනු ලැබූවන් දැනගෙන එය විශ්වාස කොට ඔවුන්ගේ හදවත් එයට යටහත් වනු පිණිස. (මෙසේ සිදු කරනු ඇත.) තවද නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාස කළවුනට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නාය.

التفاسير العربية:
آية: 55
وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ فِي مِرۡيَةٖ مِّنۡهُ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةً أَوۡ يَأۡتِيَهُمۡ عَذَابُ يَوۡمٍ عَقِيمٍ
ප්‍රතික්ෂේප කළවුන් ක්ෂණික ව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණෙන තෙක් හෝ නිසරු දිනයක දඬුවම ඔවුන් වෙත පැමිණෙන තෙක් හෝ ඒ ගැන සැකයෙන් ඉවත් නොවෙති.

التفاسير العربية:
آية: 56
ٱلۡمُلۡكُ يَوۡمَئِذٖ لِّلَّهِ يَحۡكُمُ بَيۡنَهُمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ
එදින සියලු බලය අල්ලාහ් සතුය. ඔවුන් අතර ඔහු තීන්දු දෙයි. එහෙයින් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු සැප පහසුකම් ඇති (ස්වර්ග) උයන්හි වෙති.

التفاسير العربية:
آية: 57
وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට අවමන් සහගත දඬුවමක් ඇත.

التفاسير العربية:
آية: 58
وَٱلَّذِينَ هَاجَرُواْ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓاْ أَوۡ مَاتُواْ لَيَرۡزُقَنَّهُمُ ٱللَّهُ رِزۡقًا حَسَنٗاۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ
තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගොස් ඝාතනය කරනු ලැබූවන් හෝ මියගියවුන් වනාහි නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට යහපත් පෝෂණයකින් පෝෂණය කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් පෝෂණය කරන්නන් අතුරින් ඉතා ශ්‍රේෂ්ඨය.

التفاسير العربية:
آية: 59
لَيُدۡخِلَنَّهُم مُّدۡخَلٗا يَرۡضَوۡنَهُۥۚ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٞ
ඔවුහු ඒ ගැන තෘප්තියට පත් වන පිවිසුමකින් ඔවුන් ව ඔහු ඇතුළත් කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානී, මහත් ඉවසිලිවන්තයාය.

التفاسير العربية:
آية: 60
۞ذَٰلِكَۖ وَمَنۡ عَاقَبَ بِمِثۡلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِيَ عَلَيۡهِ لَيَنصُرَنَّهُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٞ
එය (ඔවුන්ටම ය). තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමාන ව ඔහුට දඬුවම් කොට, එයට පසුව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා හිංසා කරනු ලබයි නම් එවිට අල්ලාහ් සැබැවින්ම ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් නොසලකා හරින අතික්ෂමාශීලීය.

التفاسير العربية:
آية: 61
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَأَنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ
එය නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින්ද දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින්ද වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය.

التفاسير العربية:
آية: 62
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ
එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුම සත්‍යය බැවිනි. තවද ඔහුගෙන් තොර ව ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑමය. තවද නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය. අති ශ්‍රේෂ්ඨය.

التفاسير العربية:
آية: 63
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَتُصۡبِحُ ٱلۡأَرۡضُ مُخۡضَرَّةًۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ
නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එවිට මහපොළොව සරුසාරවත් වීම නුඹ නොදුටුවෙහි ද? නියත වශයෙන්ම අල්ලාහ් මෛත්‍රිය. අභිඥානවන්තය.

التفاسير العربية:
آية: 64
لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ
අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය අවශ්‍යතාවන්ගෙන් තොර ප්‍රශංසාලාභී වනුයේ.

التفاسير العربية:
آية: 65
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ وَٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦ وَيُمۡسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلۡأَرۡضِ إِلَّا بِإِذۡنِهِۦٓۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ
මහපොළොවේ ඇති දෑ ද, ඔහුගේ නියෝගය තුළින් මුහුදේ ගමන් කරන නැව් ද, අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව නුඹ නොදුටුවෙහි ද? ඔහුගේ අනුබලයෙන් තොර ව මහපොළොව මතට අහස කඩා නොවැටෙන සේ ඔහු රඳවා තබයි. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි සෙනෙහෙවන්තය. මහා කරුණාවන්තය.

التفاسير العربية:
آية: 66
وَهُوَ ٱلَّذِيٓ أَحۡيَاكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ
නුඹලාට ජීවය ලබා දී පසු ව නුඹලා ව මරණයට පත් කොට ඉන්පසු ව යළි නුඹලාට ජීවය ලබා දෙනුයේ ඔහුය. නියත වශයෙන්ම මිනිසා ගුණමකුය.

التفاسير العربية:
آية: 67
لِّكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكًا هُمۡ نَاسِكُوهُۖ فَلَا يُنَٰزِعُنَّكَ فِي ٱلۡأَمۡرِۚ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ إِنَّكَ لَعَلَىٰ هُدٗى مُّسۡتَقِيمٖ
සෑම සමූහයකටම ඔවුන් ඔහුට නමදින අයුරින් නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් එම කරුණ සම්බන්ධයෙන් ඔවුහු නුඹ සමග ගැටලු ඇති කර ගත නොයුතුය. තවද නුඹගේ පරමාධිපති වෙත නුඹ ඇරයුම් කරනු. නියත වශයෙන්ම නුඹ ඍජු මාර්ගය මතය.

التفاسير العربية:
آية: 68
وَإِن جَٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ
තවද ඔවුහු නුඹ සමග තර්ක කළේ නම් එවිට නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා බව නුඹ පවසනු.

التفاسير العربية:
آية: 69
ٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කවර විෂයක් මත ගැටුම් ඇති කර ගත්තේද ඒ ගැන අල්ලාහ් නුඹලා අතර තීන්දු කරයි.

التفاسير العربية:
آية: 70
أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නොදන්නෙහිද? නියත වශයෙන්ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන්ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි.

التفاسير العربية:
آية: 71
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَمَا لَيۡسَ لَهُم بِهِۦ عِلۡمٞۗ وَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٖ
තවද අල්ලාහ්ගෙන් තොර කිසිදු බලයක් එයට පහළ නොකළා වූ දෑට හා ඒ ගැන කිසිදු දැනුමක් නොමැති දෑට ඔවුහු නැමැදුම් කරති. තවද අපරාධකරුවන්හට කිසිදු උදව් කරුවකු නොමැත.

التفاسير العربية:
آية: 72
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ تَعۡرِفُ فِي وُجُوهِ ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمُنكَرَۖ يَكَادُونَ يَسۡطُونَ بِٱلَّذِينَ يَتۡلُونَ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۗ قُلۡ أَفَأُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكُمُۚ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
තවද ඔවුන් වෙත අපගේ වදන් පැහැදිලි ලෙස පාරායනය කර පෙන් වනු ලබන විට ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණුවල පිළිකුල් බව නුඹ දකිනු ඇත. ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන්නන් හට පහර දීමට ඔවුහු තැත් කරති. එහෙයින් නුඹ පවසනු. මීට වඩා නපුරු දෙයක් පිළිබඳ නුඹලාට මම දැනුම් දෙන්නද? (එය දේව වදන්) ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් ප්‍රතිඥා කළ (නිරා) ගින්නය. තවද යොමු වන ස්ථානය නපුරු විය.

التفاسير العربية:
آية: 73
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٞ فَٱسۡتَمِعُواْ لَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخۡلُقُواْ ذُبَابٗا وَلَوِ ٱجۡتَمَعُواْ لَهُۥۖ وَإِن يَسۡلُبۡهُمُ ٱلذُّبَابُ شَيۡـٔٗا لَّا يَسۡتَنقِذُوهُ مِنۡهُۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلۡمَطۡلُوبُ
අහෝ ජනයිනි, උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන අය ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුහු මුදවා නොගනිති. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය.

التفاسير العربية:
آية: 74
مَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
අල්ලාහ් ව ගරු කළ යුතු ප්‍රමාණයට ඔවුහු ඔහුට ගරු නොකළෝය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත් සර්ව බලධාරීය.

التفاسير العربية:
آية: 75
ٱللَّهُ يَصۡطَفِي مِنَ ٱلۡمَلَـٰٓئِكَةِ رُسُلٗا وَمِنَ ٱلنَّاسِۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ
මලක්වරුන් අතුරින් අල්ලාහ් දූතවරුන් තෝරා ගත්තේය. එමෙන්ම ජනයා අතුරින්ද (එසේ) විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂකය.

التفاسير العربية:
آية: 76
يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ
ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ ඔහු දනියි. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.

التفاسير العربية:
آية: 77
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱرۡكَعُواْ وَٱسۡجُدُواْۤ وَٱعۡبُدُواْ رَبَّكُمۡ وَٱفۡعَلُواْ ٱلۡخَيۡرَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ۩
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා (කොන්ද නමා) රුකූඋ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට නැමැදුම් කරනු. තවද යහකම් සිදු කරනු.

التفاسير العربية:
آية: 78
وَجَٰهِدُواْ فِي ٱللَّهِ حَقَّ جِهَادِهِۦۚ هُوَ ٱجۡتَبَىٰكُمۡ وَمَا جَعَلَ عَلَيۡكُمۡ فِي ٱلدِّينِ مِنۡ حَرَجٖۚ مِّلَّةَ أَبِيكُمۡ إِبۡرَٰهِيمَۚ هُوَ سَمَّىٰكُمُ ٱلۡمُسۡلِمِينَ مِن قَبۡلُ وَفِي هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيۡكُمۡ وَتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِۚ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱعۡتَصِمُواْ بِٱللَّهِ هُوَ مَوۡلَىٰكُمۡۖ فَنِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ
තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලා ව තෝරා ගෙන ඇත. නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නොකළේය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්‍රාහීම්ගේ පිළිවෙතයි. මීට පෙර මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් තැබුවේ ඔහු (අල්ලාහ්) ය. මේ අනුවම රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් (නම් තැබීය.) එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද සකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරුය. එම භාරකරු යහපත් විය. එමෙන්ම එම උදව්කරු යහපත් විය.

التفاسير العربية:


الساعة الآن 03:27 AM.

Powered by vBulletin® Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
Content Relevant URLs by vBSEO 3.3.0 , Designed & TranZ By Almuhajir
جميع الحقوق محفوظة لمنتدى قصة الإسلام